ලෝක හමුදා ශක්තිය
← බෝම්බ හෙලන යානා
B-2 Spirit (B-2 නිරීක්ෂ්‍ය නොවන බෝම්බ හෙලන ගුවන් යානය)
Royal Air Force · OGL v1.0 · Wikimedia Commons

B-2 Spirit (B-2 නිරීක්ෂ්‍ය නොවන බෝම්බ හෙලන ගුවන් යානය)

බෝම්බ හෙලන යානා · Northrop B-2 Spirit

නිෂ්පාදිත රට එක්සත් ජනපදය
නිෂ්පාදකයාNorthrop Grumman Corporation, Northrop
Northrop Grumman ආයතනය විසින් නිමවා ඇති අධිබල ඇමරිකානු ගුවන්යානය අඩුවෙන් නීරීක්ෂ්‍ය වන හෙවත් Stealth Technology භාවිතයෙන් නිමවා ඇත්තේ ගුවන් යානා නාශක රේඩාර් පද්ධති වලට නිරීක්ෂනය නොවී සතුරු ඉලක්ක වෙත සාමාන්‍ය සහ න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමටය. යානය නිපදවීමට දරණ පිරිවැය සහ ක්‍රියාන්විත පිරිවැය නිසා මෙම ව්‍යාපෘතිය පෙන්ටගනය තුල මතභේදයට ලක් වූවකි.එම නිසා 1990 මුල් කාලයෙදී පෙන්ටගනය මගින් මිලදී ගැනීමට යොජනා කර තිබූ යානා ගනන 132 සිට 21 දක්වා පහත වැටුනි.
1997 වසර වන විට B-2 යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 737 වූ අතර මිලදිගැනීමේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 929 විය.මේ සදහා අමතර කොටස්,මෘදුකාංග සහය ආදිය ඇතුලත් විය.
ඇමරිකානු ගුවන් හමුදාව සතුව B-2 ගුවන් යානා 21 ක් විය.බොහොමයක් 1980 කාලයේදී පැවති සීතල යුද්ධ සමයේ භාවිතයට ගන්නා ලද අතර 1990 අග භාගයෙදි සර්බියාව හා කොසොවෝ අතර ගැටුමෙදිද සර්බියවට බෝම්බ හෙලීමට භාවිත කරන ලදි.මෑත කාලයෙදි ඉරාකය සහ ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් කටයුතු සදහාද භාවිත කල අතර එහිදි 2008 වසරෙදි සිදුවූ අනතුරකින් එක් යානයක් විනාශයට පත් විය.
මෙම යානය නියමුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර කිලො ග්‍රෑම් 230 පන්තියේ ගෝලීය තැන් සෙවුම් පද්ධති මගින් හැසිරවිය හැකි බෝම්බ හෝ කිලො ග්‍රෑම් 1100 න්‍යශ්ටික බෝම්බ එක් වර රැගෙන යා හැකිය.

Wikipedia හි තවත් කියවන්න ↗

තාක්ෂණික විස්තර

දිග
21.0 m
පියාපත් පළල
52.4 m
නිෂ්පාදිත ගණන
33
හඳුන්වා දුන් වර්ෂය
1989
පළමු පියාසැරිය
1989
සේවයට එක් වූ වර්ෂය
1993

භාවිත කරන රටවල් (1)

මෙම ආයුධය ගැන →

සමාන මාදිලි

සියල්ල බලන්න →

මාදිලි දත්ත: Wikidata (CC0) සහ Wikipedia (CC BY-SA). එකම ආයුධයේ විවිධ සංස්කරණ අනුව සංඛ්‍යා වෙනස් විය හැක. · Q180285